ගැබිනි මවුන්ගේ දිවි රැකුමට මගක්

  • 2017 අගෝස්තු 5

දරු ප්‍රසූතියේ සහ ගර්භනී අවස්ථාවේ රුධිර වහනයට ගොදුරුවන මව්වරුන්ගේ දිවි රැක ගැනීම සඳහා කොන්ඩමයක් සහිත ලාභදායි කට්ටලයක් හඳුන්වා දී තිබේ.

ලොව පුරා සෑම මිනිත්තු දෙකකට වරක් ගර්භනී හෝ දරු ප්‍රසූතියේ යෙදෙන මවක් මිය යන බව නිල වාර්තා පෙන්වා දෙයි.

ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ බරපතල රුධිර වහනයයි.

එවැනි අවස්ථාවක ඊට පිළියම් යෙදීම සඳහා භාවිත කරනු ලබන්නේ UBT නමැති කට්ටලයකි. නමුත් ඒ සඳහා ඩොලර් 400 අධික මුදලක් වැය වේ.

අප්‍රිකානු කලාපය ඇතුළු ලොව සංවර්ධනය වෙමින් පවතින රටවල සායනවලට එය අධික මුදලකි.

වැදැමහ ඉවත් කිරීමෙන් පසු

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
කොන්ඩමයකට, ගර්භනී මවකගේ දිවි බේරීමට හැකියි

ඉහත කී කොන්ඩමය සහිත කට්ටලය අප්‍රිකානු රටවල පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් සහ වින්නඹු මාතාවන් වෙත හඳුන්වා දී ඇත්තේ ඊට පිළියමක් වශයෙනි.

එම කට්ටලය භාවිත කරන ආකාරය සම්බන්ධයෙන් කලාපයේ වින්නඹු මව්වරුන්ට පුහුණුවක් ද ලබා දේ.

වැදැමහ ඉවත් කිරීමෙන් පසු අධික ලෙස රුධිරය වහනය වූ මවකගේ ජීවිතය කෙන්යාවේ නයිරෝබි නුවර පවුල් සෞඛ්‍ය නිලධාරිනියක වන ඈන් මුලින්ජ් විසින් බේරා ගනු ලැබ ඇත්තේ ඉහත කී කට්ටලය ආධාරයෙනි.

සුළු මුදලකට ලබා ගත හැකි කොන්ඩමයක් සහිත එම කට්ටලය භාවිත කරන ආකාරය ඉහත වීඩියෝ පටයෙන් නරඹන්න.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර