හින්දු-මුස්ලිම් 'බලහත්කාර විවාහයක්' ගැන නිල පරීක්ෂණයක්

  • 2017 අගෝස්තු 18
ඉන්දියාවේ විවාහ මංගල්‍යයක්
Image caption ඉන්දියාවේ විවාහ මංගල්‍යයක්

දකුණු ඉන්දීය කේරල ප්‍රාන්තයේ හින්දු භක්තික කාන්තාවක සහ මුස්ලිම් පුරුෂයෙකු අතර සිදු කෙරුණු විවාහයක් සම්බන්ධයෙන් නිල පරීක්ෂණයක් පවත්වන මෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

අධිකරණය එම නියෝගය කළේ එම හින්දු කාන්තාව විවාහය සඳහා රවටාගෙන ඇති බවට ඇයගේ පවුලේ සාමාජිකයන් විසින් කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවය.

විශ්‍රාමික ඉහල අධිකරණයක විනිසුරුවරයෙකු යටතේ අදාළ පරීක්ෂණය පවත්වන මෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

සබැඳි යොමු:

අදාළ පරීක්ෂණය සඳහා විවාපත් හින්දු භක්තික තරුණිය අධිකරණය ඉදිරියේ පෙනී සිටිය යුතු බව ද අධිකරණයේ නිගමනය විය.

එම විවාහය අවලංගු කරන බව කේරල ප්‍රාන්ත අධිකරණය මීට ඉහතදී තීන්දු කළේය. අධිකරණය එම විවාහය විග්‍රහ කළේ "ජිහාඩ් ප්‍රේමයක්" යනුවෙනි.

එහෙත් විවාහක පුරුෂයා එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

මෙය කිසිසේත්ම හුදෙකලා සිදුවීමක් නොව, ඉන්දියාවේ මුස්ලිම්වරුන් විසින් හින්දු භක්තිකයන් සිය ආගමට බඳවා ගැනීමේ සංවිධානාත්මකව ව්‍යාපාරයක කොටසක් බව පැමිණිල්ලේ චෝදනාව වී තිබේ.

මනාලිය ඒ පිළිබඳව දරන්නේ කවර මතයක් දැයි මෙතෙක් අනාවරණය වී නැත.

විවිධ ජනවර්ග අතර සිදුවන විවාහ මෑත යුගයේදී ඉන්දීය දේශපාලනයේ බරපතල මතභේදයට තුඩු දෙන මාතුකාවක් බවට පත් වී තිබේ.

අදාළ විවාහය සම්බන්ධ විභාගය ඉතා "බරපතල" සහ "සංවේදී" පරීක්ෂණයක් බව පෙන්වා දුන් ශ්‍රේෂ්ඨාධිකරණය, සිය දියණිය රවටාගෙන ඇති බව සහ ඉස්ලාම් ආගමට බඳවා ගැනීමේ "සංවිධානාත්මක ක්‍රියාදාමයක්" පවතින බව සාක්ෂි සහිතව සනාථ කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය.

අයිඑස් සංවිධානයට බැඳීම පිණිස සිරියාවට පිටත් කිරීමේ අරමුණින් තරුණියන් විවාහ කරගැනීමේ "ජිහාඩ් ප්‍රේමය" පිළිබඳ චෝදනා පිළිබඳව ඉන්දීය බලධාරීහු මෑතදී පරීක්ෂණ පැවැත්වූහ.

සබැඳි විෂයයන්