ප්‍රංශයේත් මෝටර් රථ ගැටීමක්

  • 2017 අගෝස්තු 21
Image copyright AFP
Image caption මියගොස් ඇත්තේ කාන්තාවක බව පොලිසිය පවසයි

දකුණු දිග ප්‍රංශයේ මාසෙයි (Marseille) ප්‍රදේශයේ බස් නැවතුම්පොළක මෝටර් රථයක් ගැටීමෙන් එක් අයෙකු මිය ගිය බව එරට පොලිසිය පවසයි.

මෝටර් රථය පැදවූ පුද්ගලයා පොලිසියේ අත්අඩංගුවට පත්වී ඇති අතර ඊට පෙර ඔහුගේ රථය මාසෙයි නගරයේම වෙනත් ප්‍රදේශයක ගැටීමෙන් එක් අයෙකු බරපතල තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මාසෙයි හි පැරණි වරාය ප්‍රදේශයෙන් ඉවත්ව සිටින ලෙස පොලිසිය ජනතාවට දන්වා ඇත.

මේ සිදුවීම පසුපස කුමන අරමුණක් වේද යන්න පිළිබඳ ඔවුන් ඉඟි කර නැතත් ප්‍රංශ මාධ්‍ය වාර්තා කරන පරිදි පොලිසිය අදාළ රියැදුරුවරයා පිළිබඳව පොලිසිය දැනුවත් බවය.

Francetvinfo වෙබ් අඩවිය සඳහන් කළ පරිදි මාසෙයි හි 13 වෙනි දිස්ත්‍රික්කයේ බස් නැවතුමක් හා පළමු ගැටීම එරට වේලාවෙන් උදෑසන 9.15 ට සිදුවී ඇති අතර එහිදී එක අයෙකු තුවාල ලැබීය.

උදෑසන 10 ට දෙවෙනි ගැටීම සිදුවුයේ 11 වෙනි දිස්ත්‍රික්කයේ පිහිටි වැලන්ටයින් ප්‍රදේශයේදීය.


Image copyright Reuters
Image caption ගැටීම සිදුවූ දෙවෙනි බස් නැවතුම්පොළ අවට ප්‍රදේශය

එහිදී මිය ගියේ වයස අවුරුදු 40 ගණන්වල සිටි කාන්තාවක් බව ප්‍රංශ මාධ්‍ය වාර්තාවල දැක්වේ.

පසුගිය වසරේ බැස්ටීල් දිනය දා ප්‍රංශයේ නීස් වෙරළබඩ ප්‍රදේශයේ උත්සව සමරමින් සිටි පිරිසක් වෙත ලොරියක් ධාවනය කිරීමෙන් 80 දෙනෙක් පමණ මියගියහ. එම ප්‍රහාරයේ වගකීම ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය විසින් භාරගනු ලැබිණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර