Lifesaver
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

දරුවන් රැසකගේ දිවි බේරාගත් හිස් ෂැම්පූ බෝතලේ

  • 2017 ඔක්තෝබර් 12

වෛද්‍ය චිස්ටි තම සගයෙකු සමඟ එක්වී, ඉවත ලා තිබූ හිස් ෂැම්පු බෝතල් කිහිපයක් එකතු කර ගත්තේය. ඒවා ජලයෙන් පිරවීය. කුඩා ප්ලාස්ටික් බටයක එක් කෙළවරක් ඊට ඇතුළු කළේය. දරුවන් රැසකගේ දිවි රැකුණි.

"දොස්තර මහත්තුරු හරියට මහන්සි වුනා. ඔක්සිජන් දුන්න.., බට දාල කෑම දුන්න..., ඊට පස්සේ මේ බෝතලේට වතුර පුරවල බට දාල දරුවගෙ නහයට හයිකළා...." කොහිනුර් බෙගම් එසේ පැවසුවේ තම කුඩා දියණිය දෙස බලමිනි.

ඇයගේ දියණිය මෙම රෝහලේ ප්‍රතිකාර ලැබූ තවත් එක් කුඩා දරුවෙක් පමණි.

"ඊට පස්සේ මගේ දරුව සනීප වෙනවා දැක්කම මට හරිම සතුටුයි."

වෛද්‍ය චිස්ටි මෙම ක්‍රමය අත්හදා බලමින් වසර දෙකක් තිස්සේ පර්යේෂණවල යෙදුනි. අනතුරුව එහි ප්‍රතිඵල වෛද්‍ය සඟරාවක ප්‍රකාශයට පත් කළේය.

ඩොලර් 1යි ශත 25යි

මෙම 'බුබුලු යන්ත්‍රය' මගින් ශ්වසනයට ආධාර කිරීමෙන් ළමා මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමට හැකිවූ බව එම පර්යේෂණයේ ප්‍රතිඵලවලින් සනාථ වෙයි.

ඩොලර් 1.25ක් වැනි කුඩා මුදලකින් සාදා ගත හැකි මෙම ශ්වසන ආධාරකය යොදා ගැනීමෙන් පසු ළමා මරණ සංඛ්‍යාව 75%කින් අඩු කරගත හැකිවූ බව පෙනී ගියේය.

මේ සඳහා එතරම් ඔක්සිජන් ප්‍රමාණයක් අවශ්‍ය නොවන බැවින් රෝහලට මිලදී ගන්නා ඔක්සිජන් ටැංකි ප්‍රමාණය ද අඩු විය.

වැඩි විස්තර: ෂැම්පූ බෝතලයකින් දරුවන්ගේ දිවි රකින දොස්තර මහත්මයා

සබැඳි යොමු: