සංක්‍රමණිකයන් දෙස බලන්න: ශුද්ධෝත්තමයන්ගෙන් ඉල්ලීමක්

  • 2017 දෙසැම්බර් 25
Image copyright AFP/Getty Images

ලොව පුරා වෙසෙන කිතුනු භක්තිකයෝ ජේසු උපත සිහි කරමින් නත්තල සමරති.

නත්තල් උදාවව අතරතුර වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ දේව මෙහෙයක් පැවැත්විණි.

සිය උපන් බිම් හැර දමා පළා යාමට බල කෙරුණු දස ලක්ෂ සංඛ්‍යාත සංක්‍රමණිකයන් මුහුණ දී ඇති ව්‍යසනය නොතකා නොහරින මෙන් ශුද්ධෝත්තම ෆ්‍රාන්සිස් පාප් වහන්සේ එහිදී ලොව රෝමානු කතෝලික බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියහ.

නසරෙත් සිට බෙත්ලෙහෙම දක්වා පැමිණි මේරි සහ ජෝසප් හට නැවතීමට ස්ථානයක් නොමැතිව ගව ලෙනක රැඳී සිටීමට සිදු වූ ආකාරය විස්තර කළ උන්වහන්සේ ඔවුන් දෙපළ හා සංක්‍රමණිකයන් අතර පවතින සමානකම් පෙන්වා දුන්හ.

"අහිංසකයන්ගේ රුධිරය වැගිරවීම ගැටලුවක් සේ නොදකින" නායකයන් වෙතින් පළා යාමට බොහෝ සංක්‍රමණිකයන්ට බල කෙරෙන බව ශුද්ධෝත්තම ෆ්‍රාන්සිස් පාප් වහන්සේ පැවසූහ.

Image copyright Getty Images

ලොව පුරා විසිර සිටින සංක්‍රමණිකයන් වෙනුවෙන් උන්වහන්සේ එහිදී පෙනී සිටියහ.

ලොව පුරා වෙසෙන සංක්‍රමණිකයන් සංඛ්‍යාව දෙකෝටි විසි ලක්ෂය ඉක්මවන අතර මියන්මාරයේ පවතින ප්‍රචණ්ඩ ක්‍රියා හමුවේ අසල්වැසි බංග්ලාදේශය වෙත පළා ගොස් සිටින රෝහින්ග්‍යා මුස්ලිම් වැසියන් ද ඊට අයත්ය.

අසූඑක් හැවිරිදි ආජන්ටියානු ජාතික ශුද්ධෝත්තම පාප් වහන්සේ ද ඉතාලි ජාතික සංක්‍රමණික යුවලකගේ මුනුබුරෙකි.

"තමන්ගේ ආදරණීයන් පසෙකලා ගම්බිම් හැර දමා යාම තෝරා නොගත්, ඒත් ඒ සඳහා බල කෙරුණු දස ලක්ෂ ගණනකගේ පා සටහන් අපි දකිනවා" යනුවෙන් උන්වහන්සේ දේව මෙහෙය අතරතුර වැඩිදුරටත් පැවසූහ.

සමාන පුවත්:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්