බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු ජේම්ස් මර්ඩොක්ගෙන් ප්‍රශ්ණකරති

අවසාන යාවත්කාලීන කිරීම :  2012 අප්‍රේල් 24 අඟහරුවාදා - 15:16 GMT
ජේම්ස් මර්ඩොක්

දුරකථනවලට හොරෙන් සවන්දීම ගැන තමන් නොදැනසිටි බව ජේම්ස් මර්ඩොක් පවසයි

මහා පරිමාණ මාධ්‍ය ජාලයක හිමිකරු රූපට් මර්ඩොක්ගේ පුත් ජේම්ස් මර්ඩොක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් ගේ දැඩි ප්‍රශ්න කිරීම් වලට ලක් විය.

ඔවුන්ගේ පුවත්පත් සමාගම් වල සේවය කළ මාධ්‍ය වේදීන් දුරකතන වලට හොරෙන් සවන් දීම ගැන තමන් නොදැන සිටි බව ජේම්ස් මර්ඩොක් පාර්ලිමේන්තු කමිටුව හමුවේ පැවසීය.

මේ පිළිබඳව සමාගමේ කළමනාකරුවන් ඔහු දැනුවත් කිරීමට ගත් උත්සාහයේ දී එම තොරතුරු නො තකා හළ බවට මන්ත්‍රීවරුන් කළ යෝජනාව ජේම්ස් මර්ඩොක් ප්‍රතික්ෂේප කළේය.

මර්ඩොක් පවුල සහ බ්‍රිතාන්‍ය පරිපාලනයේ බලවතුන් අතර පවත්නා සම්බන්ධය පිළිබඳව ද මන්ත්‍රීවරු ඔහුගෙන් ප්‍රශ්න කළහ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.