ඉල්ලා අස්වෙන්නේ නෑ - පකිස්තාන අගමැති

පාකිස්තාන් අගමැති  යූසුෆ් රාසා ගිලානි Image copyright AP
Image caption අගමැතිවරයා ප්‍රකාශකරන ආකාරයට, ඔහු ඉවත්කළ හැක්කේ පාර්ලිමේන්තුවට පමණයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වැරදිකරු යයි උසාවිය විසින් ඊයේ තීන්දුකරන ලද, පකිස්තාන් අගමැති යූසුෆ් රාසා ගිලානි කියා සිටින්නේ, එම තීන්දුව සැලකිල්ලට ගනිමින්, තමා පදවියෙන් ඉවත් නොවන බවයි.

අගමැතිවරයා ප්‍රකාශකරන ආකාරයට, ඔහු තනතුරින් ඉවත්කළ හැක්කේ පාර්ලිමේන්තුවට පමණයි.

පකිස්තාන් ජනාධිපති, අසිෆ් අලි සදාරිට එරෙහි නඩු විභාගයක් යළි ආරම්භ කිරීමට පියවර නොගැනීමෙන්, අගමැති ගිලානි අධිකරණයට අපහාස කර ඇතැයි ශ්‍රේෂ්ටාධිකරණය ඊයේ තීන්දු කළේය.

ඒ අනුව අධිකරණය ඊයේ අගමැතිවරයාට සංකේතාත්මක දඬුවමක් නියම කොට, පදවියේ කටයුතු කරගෙන යාම සඳහා ඔහු මුදාහරින ලදී.

පකිස්තානයේ විපක්ෂය පවසන්නේ අගමැති ගිලානි පදවියෙන් ඉවත් විය යුතු බවයි.