චීන විරෝධතාවාදියා තානාපති කාර්යාලයෙන් පිටවේ

චෙන් ගුංන්ග්චේන්ග් Image copyright AP
Image caption චෙන් ගුංන්ග්චේන්ග්

එක්සත් ජනපද තානාපති කාර්යාලයේ රැකවරණ ලැබ සිටි චීන පාලනයේ ප්‍රතිවිරුද්ධ මතධාරී චෙන් ගුංන්ග්චේන්ග් ,

මේ වනවිට ඉන් පිටව ගොස් ඇති අතර ,ඔහු ඉදිරි කාලයේ චීනය තුළම රැඳී සිටිනු ඇතැයි ඇමෙරිකානු නිලධාරීන් ප්‍රකාශ කළේය .

බේජිං නගරයේ සිටින ඇමෙරිකානු තානාපතිවරයා විසින් ,චෙන් ගුංන්ග්චේන්ග් රෝහලකට ගෙන ගොස් ඇති අතර,ඔහුට එහිදී තම බිරිඳ සහ දරු දෙදෙනා මුණ ගැසුනි.

චීන පාලනයේ ප්‍රතිවිරුද්ධ මතධාරියාට ආරක්‍ෂිත ස්ථානයක් කරා යාමට ඉඩ හරින බවට, බේජිං පරිපාලනයෙන් සහතිකයක් ලැබී ඇතැයි ඇමෙරිකානු නිලධාරියෙක් සඳහන් කළේය.

ශාන්දොන්ග් ප්‍රාන්තයේ නිවාස සිර අඩස්සියේ තබනු ලැබ සිටි චෙන් ගුංන්ග්චේන්ග් , පසුගිය මාසයේ අවසාන දිනවල ඉන් පළා ගියේය.

ඔහු එවැනි පියවරක් ගත්තේ මාස කීපයක්ම හිරිහැර වලට ලක් කරනු ලැබීමෙන් පසුවයි.

චෙන් ගුංන්ග්චේන්ග් චීන බලධාරීන්ගේ අතවරයට ලක් වුනේ බලහත්කාරයෙන් ගබ්සා කිරීමේ පිළිවෙතට එරෙහිව ප්‍රසිද්ධියේම උද්ඝෝෂණ ව්‍යාපාරයක් ගෙන යාම හේතුවෙන්.

මේ අතර , තම රටේ අභ්‍යන්තර කාරණා වලට අත පොවන බවට එක්සත් ජනපදයට චෝදනා කරන බේජිං පාලනය , ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින මෙන් අමෙරිකාවෙන් ඉල්ලීමක් කර තිබේ.