බොරිස් ජොන්සන් යළිත් ලන්ඩන් නගරාධිපති ධුරයට

පරාජය වූ ලේබර් පක්ෂයේ අපේක්ෂක කෙන් ලිවින්ග්ස්ටන් Image copyright Getty

ලන්ඩනයේ පුරපතිවරයා ලෙස කොන්සවේටිව් පක්ෂයේ බොරිස් ජොන්සන් යළිත් තේරී පත්වුණි.

ඔහුගේ ජයග්‍රහණයෙන් තමා මහත් සතුටට පත්වූ බවයි අගමැති ඩේවිඩ් කැමරන් ප්‍රකාශ කළේ.

පළාත් පාලන මැතිවරණයේදී කොන්සවේටිව් පක්ෂය විශාල පසුබෑමකට ලක් වුනත්, ලන්ඩන් පුරපතිධුරය හිමිකර ගැනීම එම පක්ෂය ලද විශාල ජයක්ග්‍රහණයක් හැටියටයි සැලකෙන්නේ.

පුරපති තරඟයෙන් පරාජය වූ ලේබර් පක්ෂයේ අපේක්ෂක කෙන් ලිවින්ග්ස්ටන් ජන්දදායකයන්ට ස්තුති කරමින් තමා දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව කියා සිටියේය.

ලන්ඩන් නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා දෙවන මනාපයද ගණන් ගැනුණු අතර ජයග්‍රාහී පුරපතිවරයා ලේබර් පක්ෂයේ කෙන් ලිවින්ග්ස්ටන්ට වඩා ලබාගත්තේ ජන්ද හැට දෙදහසක් පමණි.

ස්වධීන අපේක්ෂිකාවක් ලෙස තරග කළ ශිවොන් බෙනිටා චන්ද 83914 ලබා ගැනීම කැපී පෙනෙන සිදුවීමක් වූ අතර හරිත පක්ෂයේ ජෙනි ජෝන්ස් චන්ද 98913 ලබා ගනිමින් තෙවන තැනට පත් වූවාය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර