මරාගෙන මැරෙන ප්‍රහාරයකින් යේමනයේ 90 ක් මරුට

 යේමනයේ සානා අගනුවරට එල්ලූ මරාගෙන මැරෙන ප්‍රහාරය Image copyright AFP

යේමනයේ, යුද හමුදා පෙරහුරුවක් පැවැත්වෙද්දී එල්ල කෙරුණ මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින්, අනුවකට අධික හමුදා භටයන් පිරිසක් ජීවිතක්ෂයට පත්විය .

යේමන් ජනාධිපති මන්දිරය අසළ පිහිටි චතුරශ්‍රයකදී එල්ල වුන මේ මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන්, තවත් දෙසීයකට වැඩි දෙනෙක් තුවාළ ලබා ඇති බව වාර්තාවේ

ප්‍රහාරකයා යුද හමුදා නිල ඇඳුමින් සැරසී සිටි බවයි වාර්තා වන්නේ.

අල් ඛයිඩා ආරංචි මාර්ගයකින් කියැවෙන ආකාරයට, එම සංවිධානය විසින් ප්‍රහාරය එල්ල කර ඇති බවයි විශ්වාස කරන්නේ. ‍

මේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කෙරී ඇත්තේ යේමන් හමුදාව, දකුණු යේමනයේ අල් ඛයිඩා ව්‍යාපාරය හා සම්බන්ධ සන්නද්ධ කොටස් වලට එරෙහිව මහා ප්‍රහාරයක් දියත් කර ඇති අවස්ථාවකයි.

ජනාධිපති, අබ්ද් රබ්බු මන්සුර්, පසුගිය පෙබරවාරි මාසයේ බලයට පත් වීමෙන් පසුව, සානා අගනුවරට එල්ල කෙරුන දරුණුතම ප්‍රහාරය මෙයයි.