බ්‍රිතාන්‍ය එලිසබත් රැජිණගේ රාජ්‍ය පදප්‍රාප්ති උත්සව මාලාව ඇරඹෙයි.

බ්‍රිතාන්‍ය එලිසබත් රැජිණගේ රාජ්‍ය පදප්‍රාප්තියට අවුරුදු හැටක් සම්පුර්ණ වීම නිමිත්තෙන් පැවැත්වෙන සිව්දින උත්සව මාලාව අද සෙනසුරාදා නිල මට්ටමින් ආරම්භවුනා.

Image copyright AFP

ලන්ඩන් නගරයේදී අද මධ්‍යහ්නයෙහි එම දියමන්ති ජුබිලි උත්සව ඇරඹුණේ, යුද හමුදා උත්තමාචාර වෙඩිමුර හතළිස්‌ එකක් ද සමඟයි.

මේ අතර, එලිසබත් රැජිණ සෙනසුරාදා සවස් භාගයේ තුරඟ තරඟ උළෙලක් නැරඹීමට ද සහභාගී වුනා.

රැජිණ සහ රජ පව්ලේ සාමාජිකයන්, විශේෂයෙන් නිර්මිත කුඩා නැවකින් දහසක් පමණ පරිවාර බෝට්ටු ද සමඟ තේම්ස් ගඟ ඔස්සේ යාත්‍රා කිරීම මෙම දියමන්ති උත්සවයේ ඉරිදා වැඩ සටහනේ විශේෂ අංගයයි.