මියන්මාරයේ වර්ගවාදී ගැටුම් නැවත්වීමට යුද හමුදාව.

මියන්මාරය Image copyright Google Map

සතියක් පුරා පැවති වර්ගවාදී කැරලි කෝලාහලවලින් අනතුරුව බටහිර මියන්මාරයේ යුද හමුදා රැඳවීමට පියවර ගත් බලධාරීන් එම ප්‍රදේශයේ ඇඳිරිනීතිය පනවා ඇත.

පසුගිය සිකුරාදා පැතිර ගිය ප්‍රචණ්ඩ ක්‍රියා වලදී පිහියෙන් ඇන පුද්ගලයන් පස් දෙනෙකු පමණ මරා දමා ඇති අතර ප්‍රදේශයේ නිවාස පන්සීයකට ආසන්න ප්‍රමාණයක් ගිනි තබා ඇතැයි ද වාර්තා වේ.

අලුතින් සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට මියන්මාරයේ මුස්ලිම් සුළු ජාතික කණ්ඩායම් වගකිව යුතු බවයි ප්‍රකාශ වන්නේ.

අසල්වැසි බංග්ලාදේශයේ සිට සංක්‍රමණය වී සිටින එම මුස්ලිම් ජනතාව, අනවසර පදිංචිකරුවන් හැටියටයි, මියන්මාරයේ බහුතර බෞද්ධ ජනයා විසින් සලකනු ලබන්නේ.

මුස්ලිම් ජතිකයෙකු විසින් බෞද්ධ කාන්තාවක දුෂණය කළේය යන චෝදනාව මුල් කරගෙන බෞද්ධ කණ්ඩායමක් මුස්ලිම් වැසියන් දහ දෙනෙකු ඝාතනය කර ඇති බව පසුගිය සතියේ වාර්තා වීමෙන් පසු බටහිර මියන්මාරයේ නොසන්සුන්තාව වර්ධනය විය.