අන්අර්ෂ් බ්රෙයිවික් මානසික රෝහලක රදවන මෙන් අධිකරණයෙන් ඉල්ලීමක්

සමුහ මිනිස් ඝාතනයක් සිදුකල අන්අර්ෂ් බ්රෙයිවික් බන්ධනාගාරයක නොතබා මානසික රෝහලක රදවන මෙන් නොර්වේ නීතිපති දෙපාර්තුමේන්තුවේ නිලධාරීහු එරට අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

බන්ධනාගාරයක සිරදඩුවම් විදීමට අදහස් කරන බ්රෙයිවික් තමා උන්මත්තකයකු නොවන බව තීන්දු කරන ලෙස අධිකරණයට දැනුම් දී තිබේ.

සති දහයක් පුරා පැවති නඩු විභාගයේදී මනෝ චිකිස්ත්සකයන් පිරිසක් විසින් බ්රෙයිවික් ගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් වාර්තා ඉදිරිපත්කොට තිබිණ.

ඔහු පසුගිය වසරේදී ඔස්ලෝ අගනුවරට එල්ල කළ බෝම්බ ප්‍රහාරයෙන් සහ උටෝයා දුපතේ යොවුන් කදවුරකට කඩා වැදී කළ වෙඩි තැබීම්වලින් හැත්තෑ හත් දෙනෙක් ඝාතනයට ලක්වූහ.