'එක දරු ප්‍රතිපත්තියට' එරෙහිව චීන දෙමාපියෝ නඩුමගට

A family in China
Image caption 'එක දරු ප්‍රතිපත්තියට' සහාය දක්වා තමන් විශාල කැපකිරීමක් සිදුකොට ඇති බව දෙමාපියෝ පවසති

වන්දි ඉල්ලා චීන රජයට එරෙහිව නඩු පවරන බව, පවුලේ එකම දරුවා මිය ගොස් සිටින චීන පවුල් සියයක දෙමව්පියෝ ප්‍රකාශ කරති.

තමන් වියපත්ව සිටින බවයි, ඔවුන් පවසන්නේ.

රජයෙන් ලැබෙන විශ්‍රාම වැටුපකට වඩා, දරුවන් විසින් වයස්ගත දෙමව්පියන් රැකබලාගැනීම චීනයේ සාම්ප්‍රදායිකව සිදුවන්නක්.

චීනයේ 'එක දරු ප්‍රතිපත්තියට' සහාය දක්වා තමන් විශාල කැපකිරීමක් සිදුකොට ඇති බව පැවසූ ඔවුන් අවධාරණය කළේ එම ප්‍රතිපත්තියෙන් රටේ සමස්ත ජනයාටම ප්‍රතිලාභ අත්වේයැයි විශ්වාස කළ බවයි.