ඉන්දියාවේ ජල ගැල්මෙන් දස ලක්ෂයක් අනාථයි

Flood displaced in India (file photo) Image copyright AP
Image caption ජල ගැල්මෙන් මේ වනවිට විසි හත් දෙනකු මියගොස් තිබෙන බවද බලධාරීහු පවසති

ඉන්දියාවේ ඊසාන දිග ප්‍රදේශවලට ඇද හැලුන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හටගත් ජල ගැල්මෙන් දශ ලක්ෂයක් පමණ ජනතාව සිය නිවෙස් වලින් පලා ගොස් තිබේ.

මේ සා දරුණු මෝසම් වැසි හට ගත්තේ දශකයකට අධික කාලයකට පසුව බවයි, ඇසෑම් ප්‍රාන්ත නිලධාරීන් පැවසුවේ.

ජල ගැල්මෙන් මේ වනවිට විසි හත් දෙනකු මියගොස් තිබෙන බවද බලධාරීහු පවසති.

ගම් බිම් හා නිවාස යටවී විනාශ වී යාමෙන් උන් හිටි තැන අහිමි වූ පිරිස් කඳුකර ප්‍රදේශවල තාවකාලික රැකවරණ ස්ථාන වල රඳවා තබා සිටින අතර, ඔවුන්ට බීමට පිරිසිදු ජලය හෝ ආහාර හෝ නොලැබෙන බවයි, වාර්තා වෙන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර