චීනයේ අඩුම ආර්ථික වර්ධන අනුපාතය වාර්තා වෙයි

China economy Image copyright na
Image caption අනෙක් බොහෝ රටවල ආර්ථිකය කඩා වැටෙද්දී, මෑත යුගයේදී චීනයේ ආර්ථිකය ඉහල වර්ධනයක් පෙන්නුම් කළේය

චීනය විසින් නිකුත් කරනු ලැබ ඇති අලුත්ම සංඛ්‍යා දත්ත තොරතුරු අනුව, අවුරුදු තුනක කාලයක් ඇතුළත එම ආර්ථිකයේ වාර්තා වූ පහළම වර්ධන අනුපාතයයි, දැන් දක්නට ලැබෙන්නේ.

එහෙත් එය ,ඇතැම් විශ්ලේෂකයන් අනාවැකි පළ කර තිබුන මට්ටමට වඩා අඩු පිරිහීමක්.

චීන ආර්ථිකය ලෝකයේ දෙවැනි තැන හිමිකර ගන්නා බලවත් ආර්ථිකයයි.

ගත වූ අවුරුද්ද ඇතුළත චීන ආර්ථිකය වර්ධනය වී තිබෙන්නේ 7.6 ක % වර්ධන වේගයකින්. එය පොදුවේ අපේක්ෂා කෙරුන මට්ටමට වඩා මඳක් වැඩි ආර්ථික වර්ධනයක් ද වෙනවා. එම තත්වයත් සමඟ යුරෝපා කොටස් වෙළඳපොලේ මිළ ඉහළ යාමක් ද වාර්තා විය.

තම ආර්ථිකයේ ඉහත කී පසුගාමී වීමට තුඩුදුන් ප්‍රධානතම හේතුව අපනයන ආර්ථිකයේ පහත වැටීම වන බවයි චීන නිලධාරියකුගේ විග්‍රහය වුනේ.

බටහිර ලෝකයේ බලවත් රටවල්, ඔවුන් දැනට මුහුණ දී ඇති ආර්ථික ප්‍රශ්න හේතුවෙනුයි එම රටවල භාණ්ඩ ආනයනය පහත වැටුනේ.