ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පළමු රන් පදක්කම චීනයට

ඊයේ සිකුරාදා ආරම්භ කෙරුන ලන්ඩන් 2012 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පළමු රන් පදක්කම දිනා ගැනීමට චීනය සමත් වුනා.

එම පළමු රන් පදක්කම හිමි වුනේ, වායු රයිෆලයෙන් හයේ ඉලක්කයෙන් පළමු තැන ගත් චීන ක්‍රීඩිකා - යි සිලින්ට .(YI SILING )

අද පැවැත්වෙන සෙසු ප්‍රධාන තරඟ ඉසව් වන්නේ, බයිසිකල් , පිහිනුම්, ජිම්නාස්ටික්, ඔරු පැදීම,සහ පැසිපන්දු ආදියයි.

අද දිනයේ වාර්තා වූ තවත් සිද්ධියක් වුනේ, බර ඉසිලීමේ ඉසව්වට තරඟ වදින ඇල්බේනියානු ක්‍රීඩකයා මත් ද්‍රව්‍ය භාවිත පිරික්සුමෙන් අසමත් වූයෙන් , තරඟාවලියෙන් ඉවත් කරනු ලැබීම යි .

ඊයේ පැවැත්වුන අලංකාර සමාරම්භක උත්සවය සම්බන්ධයෙන් ලොව පුරා ප්‍රතිචාරය පළවෙමින් ඇති අතර , ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති ජාක් රෝග් Jacques Rogge , එම විචිත්‍රාංගය විග්‍රහ කළේ, බ්‍රිතාන්‍යය සතු නිර්මාණ කුශලතාවයේ පිළිබිඹුවක් හැටියටයි.