සිරියාවේ බෝම්බ ප්‍රහාර

අවසාන යාවත්කාලීන කිරීම :  2012 අගෝස්තු 15 බදාදා - 17:47 GMT
සිරියාවේ  බෝම්බ ප්‍රහාර

සිරියාවේ දමස්කස් අගනුවර මධ්‍යයේ එල්ල කෙරුන බෝම්බ ප්‍රහාරයකින් පස් දෙනෙක් මරා දමනු ලැබුහ.

බෝම්බ ප්‍රහාරය එල්ල කරනු ලැබ තිබෙන්නේ ,එක්සත් ජාතීන්ගේ නිරීක්ෂකයන් රැඳී සිටින හෝටලයක් ආසන්නයේ.

එහෙත් එම නිරීක්ෂකයන්ගෙන් කිසිවකුට හානියක් නැති බවයි වාර්තා කෙරුනේ.

ජ්‍යෙෂ්ට යුද නිලධාරීන්ගේ සාකච්ඡාවක් ඉලක්ක කොට බෝම්බ ප්‍රහාරය එල්ල කරන ලදැයි විපක්ෂයේ නිදහස් සිරියානු හමුදාව ප්‍රකාශ කළහ.

ප්‍රහාරක කැරලිකරුවන් සහ ආණ්ඩුවේ හමුදා, අගමැති කාර්යාලය සහ ඉරාන් තානාපති කාර්යාලය පිහිටි කලාපයේදී ගැටුන බවට වාර්තා ලැබෙතත්,එම වාර්තා තවමත් තහවුරු කෙරී නැහැ.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.