බැංගලෝරයෙන් දහස් ගණනින් පළා යති

අවසාන යාවත්කාලීන කිරීම :  2012 අගෝස්තු 16 බ්‍රහස්පතින්දා - 12:25 GMT

ඉන්දියාවේ ඊසාන දිග ප්‍රාන්ත වල සිට බැංගලෝර් නගරයට පැමිණ සිටි දහස් ගණන් සිසුහු සහ සංක්‍රමණික සේවකයෝ තම ආරක්ෂාව පතා එම ප්‍රදේශවලින් පලා යමින් සිටිති.

ඊසාන දිග ප්‍රාන්ත වල ජනතාව ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කරන බවට පැතිර ගිය ආරංචියත් සමගයි එම තත්වය හට ගත්තේ.

හදිසියේ ප්‍රදේශයෙන් ඉවත්ව යන ජනතාව සඳහා විශේෂ දුම්රිය සේවා පවා යොදවා තිබුනි.

ඉන්දීය නිලධාරීන් පවසන්නේ පැතිර යමින් තිබෙන ආරංචි වල පදනමක් නැති බවයි.

ස්වදේශ කටයුතු භාර ලේකම් ආර් කේ සිං පලා යාමට හේතුව ලෙස දැක්වුයේ 'කටකතා පැතිරවීම'.

මේ බිය ජනක ආරංචිය, ඊසාන දිග ඇසෑම් ප්‍රාන්තයේ පවතින වාර්ගික ගැටුම් වලට සම්බන්ධ කර පැතිර යන්නක් බවටයි සැක කෙරෙන්නේ.

ඇසෑම් ප්‍රාන්තයේ වාර්ගික ගැටුම් හේතුවෙන් දහස් ගණන් ජනතාවට උන් හිටි තැන් අහිමිවී තිබේ.

ප්‍රාන්ත වාසී බෝඩෝ ගෝත්‍රිකයන් හා මුස්ලිම් පදිංචි කරුවන් අතර ගැටුම් වලින් පලා ගොස් ඇති පිරිස ලක්ෂ තුනකට අධිකයි.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.