දකුණු අප්‍රිකාවේ වැඩ වැරූ කම්කරුවෝ වෙඩි තබා මරා දැමෙති

අවසාන යාවත්කාලීන කිරීම :  2012 අගෝස්තු 17 සිකුරාදා - 14:49 GMT
South Africa police shooting miners

වර්ණභේදවාදී පාලනය පෙරලා දමනු ලැබීමෙන් පසු වාර්තා වූ දරුණුතම සිද්ධීන් අතරින් එකක් හැටියටයි, ආකර කම්කරුවන්ට එරෙහි වෙඩිතැබීම සටහන් වන්නේ

වැඩ වර්ජනයක නිරතව සිටින ආකර කම්කරුවන් දහස් ගණනකට එරෙහිව බ්‍රහස්පතින්දා සිදුකළ වෙඩි තැබීමේදී තිස්තුන් දෙනකු මරා දැමූ බව, දකුණු අප්‍රිකාවේ පොලීසිය පවසයි.

එහි කලින් පැවැති වර්ණභේදවාදී පාලනය පෙරලා දමනු ලැබීමෙන් පසු වාර්තා වූ දරුණුතම සිද්ධීන් අතරින් එකක් හැටියටයි, ආකර කම්කරුවන්ට එරෙහි වෙඩිතැබීම සටහන් වන්නේ.

වැඩවරා සිටි කම්කරුවන් අතරින් දෙසිය පණහකට අධික පිරිසක් අත් අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් විභාගයක් පවත්වන ලෙස වෘත්තීය සමිති ඉල්ලීමක් කරති.

තම ආත්මාරක්ෂාව සඳහා වෙඩි තැබූ බව පවසන දකුණු අප්‍රිකාවේ පොලීසිය, ප්‍රශ්නය නිරාකරණය කර ගැනීම සඳහා සහයෝගයෙන් ක්‍රියා කරන බව ද සඳහන් කරයි.

වර්ණභේදවාදී පාලනය නිමවීමෙන් පසු තවමත් රට තුළ මෙවැනි දරුණු ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවෙමින් තිබීම සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාව පුරා බලවත් වික්ෂිප්ත භාවයක් දක්නට ලැබෙන බවයි, එහි සිටින බීබීසී වාර්තාකරුවෙක් ප්‍රකාශ කළේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.