එක්සත් ජාතීන්ගේ නිලධාරීන් මියන්මාරයේ අත් අඩංගුවේ

අවසාන යාවත්කාලීන කිරීම :  2012 අගෝස්තු 27 සඳුදා - 13:08 GMT
Rohingya Muslims

රකින් පළාතේ බෞද්ධ-මුස්ලිම් ගැටුම් සමයෙහි ඔවුන් දෙදෙනා අත් අඩංගුවට ගනු ලැබ සිටි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි

තම වෘත්තිකයන් දෙදෙනකු මියන්මාරයේ උසාවියක් විසින් සිරගත කරනු ලැබ ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරයි.

රකින් පළාතේ බෞද්ධ -මුස්ලිම් ගැටුම් සමයෙහි ඔවුන් දෙදෙනා අත් අඩංගුවට ගනු ලැබ සිටි බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

සිරගත කරනු ලැබ සිටින දෙදෙනාගෙන් එක තැනැත්තෙක් අනාථයන් පිලිබඳ එක්සත් ජාතීන්ගේ ආයතනයේත්, දෙවැන්නා ලෝක ආහාර ව්‍යාපෘතියේත් සේවය කළ බවයි එක්සත් ජාතීන්ගේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ.

මියන්මාර් අධිකරණය විසින් එක්සත් ජාතීන්ට සම්බන්ධ තවත් සංවිධානයක ක්‍රියාධරයකුත් වරදකරු හැටියට තීන්දු කරනු ලැබ තිබේ.

ඉහත කී පුද්ගලයන්ට එරෙහිව ඉදිරිපත් කෙරුන චෝදනා මොනවාද යන්න නිල මට්ටමින් විස්තරාත්මක මට්ටමින් ප්‍රකාශයට පත් කෙරී නැහැ.

චුදිතයන් සියලු දෙනාම මියන්මාර් ජාතිකයන්.

ඔවුන්ට එරෙහිව චෝදනා නගා තිබුනේ පසුගියදා බෞද්ධ - මුස්ලිම් ගැටුම් සිදුවෙද්දී ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා මහජනතාව කුපිත කිරීම සම්බන්ධයෙන්.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.