හිටපු ඇමතිවරිය මිනිස් ඝාතනයකට සහාය දීමේ චෝදනාවට වැරදිකාරිය

අවසාන යාවත්කාලීන කිරීම :  2012 අගෝස්තු 29 බදාදා - 13:50 GMT
ගුජරාටයේ ආගම්වාදී ගැටුම් වලින් අනතුරුව දැවීගිය දුම්රිය

ගුජරාටයේ ආගම්වාදී ගැටුම් වලින් අනතුරුව දැවීගිය දුම්රිය

ගුජරාට් ප්‍රාන්තයේ හිටපු ඇමතිවරියක් සමුහ මිනිස් ඝාතනයකට සහාය දීමේ චෝදනාවට වරදකාරිය බව එරට අධිකරණයක් විසින් තීන්දු විය.

මීට වසර දහයකට පෙර ගුජරාට් ප්‍රාන්තයේ ආගම්වාදී ගැටුම් පැතිර ගිය අවස්ථාවේදී මුස්ලිම්වරු අනු පස් දෙනෙකු මරා දැමුණි

ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් නගරයේ මුස්ලිම් ප්‍රජාවට එරෙහිව ජනතාව කුපිත කර වූ බව හිටපු කාන්තා සංවර්ධනය පිලිබඳ නියෝජ්‍ය ඇමතිනි මායා කෝඩ්නානිට එල්ල කෙරුණ චෝදනාවයි.

හිටපු ඇමැතිනියට අමතරව සටන්කාමි හින්දු නායකයෙක් වන බාබු බජ්රන්ගි ඇතුළු තවත් තිස් දෙනෙකුද සමුහ මිනිස් ඝාතන සඳහා සහාය දීමේ චෝදනාවට වරදකරුවන් බවයි අධිකරණය තීන්දු කලේ.ගුජරාටයේ ආගම්වාදී ගැටුම් හටගත්තේ දුම්රියක හටගත් ගින්නකින් හින්දු වන්දනාකරුවන් හැට දෙනෙක් ජීවිතක්ෂයට පත් වීමෙන් අනතුරුවයි.

ප්‍රාන්තය පුරා පැතිර ගිය ගැටුම් වලින් දහසකට වැඩි පිරිසක් මරා දැමුනු අතර ඔවුන්ගෙන් වැඩි දෙනා මුස්ලිම් ජාතිකයන්.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.