අයිසැක් කුණාටුව නිව් ඔර්ලියන්ස් නගරය කරා

අවසාන යාවත්කාලීන කිරීම :  2012 අගෝස්තු 29 බදාදා - 17:00 GMT
අයිසැක් නිවර්තන වැසි කුණාටුවට සුදානම්වීම

අයිසැක් නිවර්තන වැසි කුණාටුව නිව් ඔර්ලියන්ස් නගරය කරා හමා යමින් තිබේ. කුණාටුව හේතුවෙන් මහා වැසි ඇදහැලෙමින් ඇති අතර පැයට කිලෝමීටර එකසිය තිහකට වැඩි වේගයෙන් සුළන් හමන බවයි වාර්තා විය

නගරයේ එක කොටසක ගංවතුරින් බේරා ගැනීම සඳහා ඉදිකර ඇති බැමි බිඳ වැටීම නිසා නිවාස සහ යටවී ඇති අතර නගරයෙන් ජනතාව ඉවත් කිරීමට සිදු ව තිබෙනවා. අනිකුත් බැමි තවමත් නිරු පද්‍රිතව තිබේ.

ලුයිසියාන ජනපදයේ ගිනිකොන දිග ප්‍රදේශයද ජලගැලීම් නැවත්වීම සඳහා බැඳ ඇති වේලි යට කරමින් ජල මට්ටම ඉහල නැගීම නිසා විශාල ගංවතුර උවදුරකට මුහුණ දී තිබෙන බවයි පැවසෙන්නේ.

ජනපදයේ ලක්ෂ පහකට අධික ජන පිරිසකට විදුලි බලය නොමැති අතර වැසි කුණාටුවට ගොදුරු වී ඇති ප්‍රදේශ වලින් ඉවත්ව යන ලෙස බලධාරීන් දැනුම් දී ඇත.

නෞකා තටාකාංගන රාශියක් පිහිටි මෙක්සිකෝ බොක්ක අවට කලාපයේ පිහිටා ඇති තෙල් සහ ගෑස් ළිං වසා දමා ඇති අතර තුන් ලක්ෂ හැට දහසක් පමණ ජනතාව සිටින නිව් ඔර්ලියන්ස් නගරයේ කොල්ලකෑම් වැලැක්වීම සඳහා යුද හමුදාව යොදවා ඇති බවද වාර්තා වුණා.

කැතරිනා නමැති නිවර්තන වැසි කුණාටුවෙන් නිව් ඔර්ලියන්ස් නගරය පීඩාවට පත් වුනේ මීට වසර හතකට පෙරයි.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.