සෝමාලියාවේ හිටපු අගමැති වන්දි ගෙවීමට සුදානම්.

අවසාන යාවත්කාලීන කිරීම :  2012 අගෝස්තු 29 බදාදා - 12:49 GMT
Somalia

සෝමාලියාවේ හිටපු අගමැති මෝහමෙඩ් අලි සමන්තාර් ඔහුගේ පාලන සමයේදී වධ හිංසාවට ලක්වූ පුද්ගලයන්ට ඩොලර් කොටි දෙකක වන්දි ලබා දීමට එකඟ විය.

අලි සමන්තාර් සෝමාලියාවේ අගමැති ධුරය දැරුවේ 1980 දශකයේයි. ඇමෙරිකානු අධිකරණයක් හමුවේ විභාග කෙරුණ, මානව හිමිකම් ක්‍රියාධරයන්ගේ දැඩි අවධානය දිනාගත් මෙම නඩුව, ගොනු කර තිබුනේ සෝමාලියානු ජාතිකයන් හත් දෙනෙකු විසින්.ඇමෙරිකාවේ ජීවත් වන හිටපු අගමැතිවරයා කියා සිටියේ වධ හිංසා පමුණුවන ලෙස තමා නියෝග නිකුත් කර නැති බවයි. ඔහු මේ එකඟතාව ඇති කර ගත්තේ බංකොලොත් භාවය ප්‍රකාශ කිරීමෙන් අනතුරව.

අලි සමන්තාර් අගමැති ධුරය සහ ආරක්ෂක ඇමති පදවිය දැරූ සමයේ සෝමාලි රහස් ඔත්තු අංශ සහ හමුදා පොලිසිය තමන්ට වධ හිංසා පැමිණ වූ බවයි නඩුව ගොනු කල සෝමාලියානු ජාතිකයෝ කියා සිටියේ.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.