ගුජරාටයේ ආගම්වාදී ගැටුම්වලට හිටපු ඇමතිවරියකට සිර දඬුවම්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 අගෝස්තු 31 සිකුරාදා - 13:23 GMT
Maya Kodnani (R) in court

ආගම්වාදී ගැටුම් පැවති අවධියේ ප්‍රාන්ත ආණ්ඩුවේ මන්ත්‍රීවරියක් වූ මායා කොඩ් නානි පසුව ඇමතිවරියක් ලෙස උසස් වීම ලැබුවාය

මීට දස වසරකට පෙර ගුජරාට් ප්‍රාන්තයේ ආගම්වාදී ගැටුම් පැවති අවස්ථාවේ සිදුකල සමූහ මිනිස් ඝාතනයකට ගුජරාට් ප්‍රාන්ත ආණ්ඩුවේ හිටපු ඇමතිවරියක් සම්බන්ධ බව ඉන්දීය අධිකරණය තීන්දු කළේය.

ඒ අනුව භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක් වන මායා කොඩ්නානිට ඉන්දීය අධිකරණයක් වසර විසි අටක සිරදඩුවමක් නියම කෙරිණ.

එම සමුහ මිනිස් ඝාතනයේදී මුස්ලිම් ජාතිකයන් අනූ පස් දෙනෙකු මරා දැමුණු අතර ජනතාව කුපිත කර වූ බවට ඇයට චෝදනා එල්ල වී තිබුණි.

හිටපු ඇමතිවරිය සමග තවත් තිස් එක් දෙනෙකුට අධිකරණය දඬුවම් පැමිණවූ බවයි වාර්තා වන්නේ.

ආගම්වාදී ගැටුම් පැවති අවධියේ ප්‍රාන්ත ආණ්ඩුවේ මන්ත්‍රීවරියක් වූ මායා කොඩ් නානි පසුව ඇමතිවරියක් ලෙස උසස් වීම ලැබුවාය.

අධිකරණයකින් දඬුවම් ලැබූ ජ්‍යෙෂ්ඨතම භාරතීය ජනතා පක්ෂ නායිකාව ඇයයි.

2002 වසරේ පැවති ගැටුම් වලදී ගුජරාට් ප්‍රාන්තයේ දහසකට වැඩි පිරිසක් මරා දැමුණ අතර මරුමුවට පත් බොහෝදෙනා මුස්ලිම් ජාතිකයන්.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.