මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර - දහ තුන් දෙනෙක් මිය යති.

අවසාන යාවත්කාලීන කිරීම :  2012 සැප්තැම්බර් 1 සෙනසුරාදා - 13:32 GMT

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ වරඩක් ප්‍රාන්තයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකකින් පොලිස් නිලධාරීන් ඇතුළුව පුද්ගලයන් දහ තුන් දෙනෙක් මිය යති.

ඇමෙරිකානු හමුදා කඳවුරක් අසලදී ඇඟ බැදී බෝම්බ ප්‍රහාරකයා විසින් පුපුරුවා හැරිණ.

ප්‍රහාරයෙන් අනතුරට පත් වුවන්ට සහන සලසන අවස්ථාවේ, හමුදා කඳවුරට ඇතුළු වීමට තැත් කල පුපුරන ද්‍රව්‍ය පිර වූ ට්‍රක් රථයක් කඳවුරේ ගේට්ටුව අසලදී පිපිරී ගිය බවයි වාර්තා වන්නේ.

බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලද කාන්තාවන් සහ ළමුන් ඇතුළු පුද්ගලයන් හැත්තෑවක් පමණ රෝහල් ගත කර ඇතැයි ප්‍රාදේශීය බලධාරීහු බීබීසියට ප්‍රකාශ කළහ.

කිසිඳු ජාත්‍යන්තර සෙබළෙකුට මෙම ප්‍රහාරයෙන් අනතුරක් සිදුවී නොමැත.

ප්‍රහාරයේ වගකීම තාලිබාන් සංවිධානය විසින් බාරගෙන තිබේ.

මීට වසරකට පෙරද මෙම හමුදා කඳවුරට ට්‍රක් බෝම්බ ප්‍රහාරක් එල්ල කෙරිණ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.