චීන මානව හිමිකම් ක්‍රියාධර චෙන් ගුඅන් චෙන් තායිවානයේ සංචාරයක

අවසාන යාවත්කාලීන කිරීම :  2012 සැප්තැම්බර් 1 සෙනසුරාදා - 15:19 GMT

පසුගියදා නිවාස සිර අඩස්සියෙන් පළා ගිය චීනයේ මානව හිමිකම් ක්‍රියාධරයකු වන චෙන් ගුඅන් චෙන් තම රටේ සංචාරයක යෙදීමට එකඟ වී ඇතැයි තායිවාන දේශපාලඥයෝ පවසනවා.

මානව අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීම නිසා වසර ගණනාවක් චීන බලධාරීන්ගේ වධ හිංසාවලට ලක්වූ අන්ධ ක්‍රියාධරයකු වන චෙන් ගුඅන් චෙන් විසින් පසුගිය මැයි මාසයේදී ඇමෙරිකානු තානාපති කාර්යාලයේ දේශපාලන රැකවරණ පතන ලදී.

ඇමෙරිකාවට යාමට අවසර ලැබී සිටින ඔහු තායිවානයේ සංචාරය කරන දිනය හෙළි කර නැත.

ඔහුගේ සංචාරය චීන බලධාරීන්ගේ කෝපයට හේතුවනු ඇති බවයි ප්‍රකාශ වන්නේ.

චීන මානව හිමිකම් ක්‍රියාධරයා තායිවානයේදී දේශපාලන නායකයන්, නීතිඥයන් සහ මානව හිමිකම් ක්‍රියාධරයන් හමු වෙනු ඇතැයි විපක්ෂයේ දේශපාලනඥයෝ පැවසුහ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.