ඊජිප්තුවේ හිටපු නායකයන්ට අයත් බ්‍රිතාන්‍ය දේපොළ 'තහනම් කොට නෑ'

අවසාන යාවත්කාලීන කිරීම :  2012 සැප්තැම්බර් 3 සඳුදා - 13:24 GMT
A house belong to son of Hosni Mubarak in London

හොස්නි මුබාරක්ගේ පුතු ගමාල්ට අයත් සුඛෝපභෝගී නිවස සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බව ලේඛන පරික්ෂා කිරීමේදී හෙළි වී තිබේ

ඊජිප්තුවේ හිටපු දේශපාලන නායකයන්ට අයත් බ්‍රිතාන්‍යයේ තිබෙන දේපල ඔවුන් විසින් පරිහරණය කිරීම වැළක්වීමට බ්‍රිතාන්‍ය රජය අපොහොසත් වී ඇතැයි බීබීසී අරාබි භාෂා සේවය කළ පරීක්ෂණයකදී හෙළි වී තිබේ.

මුබාරක් පාලනයට සම්බන්ධ නිලධාරීන්ගේ දේපල වලට එරෙහිව සම්බාධක පනවා මාස ගණනක් ගතවී ඇතත් එම නිලධාරීන්ගේ ගේදොර ඉඩකඩම් සහ ව්‍යාපාර වලට එරෙහිව බ්‍රිතාන්‍ය රජය කිසිඳු පියවරක් ගෙන නැති බව එම පරීක්ෂණයේදී අනාවරණය වූ බවයි අරාබි සේවය පවසන්නේ.

උදාහරණයක් ලෙස හිටපු ඊජිප්තු නායක හොස්නි මුබාරක්ගේ පුතු ගමාල්ට අයත් ලන්ඩනයේ පිහිටි සුඛෝපභෝගී නිවස සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බව ලේඛන පරික්ෂා කිරීමේදී හෙළි වී තිබේ.

එමෙන්ම මුබාරක් පාලනය බිඳ වැටීමෙන් පසුවද එම පාලනයේ හිටපු අමාත්‍යවරයෙකුගේ බිරිඳක් බ්‍රිතාන්‍යයේ ව්‍යාපාරයක් ලියාපදිංචි කර ඇති බවද තහවුරු වී තිබේ.

මේ චෝදනාවලට ප්‍රතිචාර දක්වන බ්‍රිතාන්‍ය ආණ්ඩුව පවසන්නේ හිටපු දේශපාලකයන්ට එරෙහිව අපරාධ චෝදනා හෝ රාජසන්තක කිරීමේ නියෝගයක් නිකුත් කර නොමැති හෙයින් දේපල පවරා ගත නොහැකි බවයි.

ආණ්ඩුවට කළ හැකි සියලු දේ කිරීමට බ්‍රිතාන්‍ය ආණ්ඩුව කැපවී සිටින බව නිලධාරීන් ප්‍රකාශ කළත් ඊජිප්තුව පවසන්නේ හිටපු දේශපාලන නායකයන්ගේ වත්කම් සහ දේපල පිලිබඳ තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලා බ්‍රිතාන්‍ය ආණ්ඩුවට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.