බහරේනයේ ක්‍රියාධරයන් විසිදෙනෙකුට බරපතල සිරදඬුවම්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 සැප්තැම්බර් 4 අඟහරුවාදා - 15:25 GMT
බහරේනයේ උද්ගෝෂණකයන්

බහරේනයේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස පතා උද්ගෝෂණය කළ විසි දෙනෙකුට එරෙහිව උසාවිය විසින් දීර්ඝ සිර දඬුවම් නියම කොට තිබේ.

නඩු විභාගය සඳහා චුදිතයින් හත් දෙනෙකු සහභාගී නොවූ අතර අට දෙනෙකුට ජීවිතාන්තය තෙක් සිර දඬුවම් හිමි වී ඇත.

ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා උද්ඝෝෂණය කළ නායකයෙක් වූ හසන් මුෂයිමා සහ දින සීයක උපවාසයක නිරතවූ ඩෙන්මාර්ක් පුරවැසිකම හිමි අබුදුල්හදී අල් ඛවාජා හට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.

පසුගිය වසරේ පටන් බහරේනයේ ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා පෑවෙත්වෙන උද්ගෝෂණ වලට නායකත්ව දී සිටින්නේ තමන්ට අසාධාරණ ලෙස සලකන බව කියන ෂියා මුස්ලිම් ජාතිකයින්.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.