රටින් පළායන සිරියානුවන් ගණන් වාර්තාගත මට්ටමක

අවසාන යාවත්කාලීන කිරීම :  2012 සැප්තැම්බර් 4 අඟහරුවාදා - 15:03 GMT
 සිරියානු ජනාධිපති  බෂාර් අල් අස්සාඩ්      සහ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ ප්‍රධානි පීටර් මෞරා දමස්කස් අගනුවරදී

සිරියානු ජනාධිපති අල් අස්සාඩ් සහ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ ප්‍රධානි පීටර් මෞරා දමස්කස් අගනුවරදී

සිරියානුවන් ලක්ෂයකට වැඩි පිරිසක් පසුගිය මාසයේදී රටින් පලා ගොස් ඇතැයි සරණාගතයින් සඳහා වූ එක්සත් ජාතීන් ගේ මහා කොමසාරිස් කාර්යාලයේ වාර්තාවක් කියා සිටියි.

සාමාන්‍ය ජනතාවට ආරක්ෂාව පිලිබඳ ගැටළු මතුවීමත් සමගම මේ පිළිබඳව සාකච්ඡා කීරීම සඳහා, සිරියානු ජනාධිපති බෂාර් අල් අස්සාඩ් සහ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ ප්‍රධානි පීටර් මෞරා දමස්කස් අගනුවරදී මුණ ගැසුණි.

ගැටුමට මැදිවී සිටින සාමාන්‍ය ජනතාවට සහන සැලසීමට සහ සහන සේවකයින්ට තමන්ගේ වැඩ කටයුතු කරගෙන යෑමට ඉඩ කඩ ලබා දීම පිලිබදව තමන් සිරියානු ජනාධිපතිවරයා සමග අදහස් හුවමාරු කරගත් බවයි ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ ප්‍රධානියා කියා සිටියේ.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.