නව දිල්ලියද - තමිල්නාඩූවද ? ආණ්ඩුව සහ විපක්ෂය මත ගැටුමක

අවසාන යාවත්කාලීන කිරීම :  2012 සැප්තැම්බර් 6 බ්‍රහස්පතින්දා - 18:07 GMT

කොළඹ දෙමල සහ මුස්ලිම් ව්‍යයාපාරිකයින් පිරිසක් සිදුවීම හෙලා දකිමින් ඉන්දීය තානාපති කාර්යාලය අසල උද්ගෝෂණයක් පැවැත්වුවා.

දකුණු ඉන්දියාවේ තමිල්නාඩූ ප්‍රාන්තයේ සංචාරයක යෙදුන ශ්‍රී ලාංකිකකයින් පිරිසකට එරෙහිව තර්ජනාත්මක ලෙසින් උද්ගෝෂණය කළ පිරිස් වලට එරෙහිව පියවර ගැනීම ගැන ජනමාධ්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සිය ප්‍රසාදය පළ කොට සිටියේය.

රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ශ්‍රී ලංකාව සම්බන්ධතා පවත්වන්නේ මධ්‍යම ආණ්ඩුව සමග බව පෙන්වා දුන් කෙහෙළිය රඹුක්වැල්ල ඇමැති වරයා කියා සිටියේ ප්‍රධාන ඉන්දීය පක්ෂ ගනනාවක්ම මේ වන විට සිදුවීම හෙලා දැක ඇති බවයි.

" හුදකලා ප්‍රශ්නයක් අරගෙන ඒක ඔඩු දුවන තත්වයකට ගෙන එන්න තරම් අපි අදූරදර්ශි විය යුතු නැහැ "යැයි රඹුක්වැල්ල ඇමැති වරයා කියා සිටියේය.

කොළඹ දෙමල සහ මුස්ලිම් ව්‍යයාපාරිකයින් පිරිසක් සිදුවීමහෙලා දකිමින් ඉන්දීය තානාපති කාර්යාලය අසල උද්ගෝෂණයක් පැවැත්වුවා.

එක්සත් ජාතික පක්ෂයේ ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රී වරයා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ ආණ්ඩුව තමිල්නාඩූ ප්‍රාන්ත පරිපාලනය නොතකා හැර මධ්‍යම ආණ්ඩුව සමග සබඳතා ගොඩ නගා ගැනීමට උත්සහා කිරීම හේතුවෙන් මේ ගැටළු උද්ගත වී ඇති බවයි

." අපේ අය ප්‍රසිද්ධයේම දකුණු ඉන්දියාවේ දේශපාලකයින්ට අපහාස කෙරුවා " යැයි ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රී වරයා ප්‍රකාශ කළේය.

මෙවැනි අර්බුදකාරී තත්වයන් වලක්වා ගැනීම සඳහා ජන වාර්ගික ගැටලුවට දේශපාලන විසදුමක් වහාම ලබාදිය යුත් නමුත් හෙළ උරුමය සහ ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ සමග ආණ්ඩුව ඇති කරගෙන තිබෙන එකඟතාවයන් අනුව බලන විට ආණ්ඩුව දේශපාලන විසදුමක් ලබාදීම ප්‍රතික්ෂේප කොට ඇති බව කිරිඇල්ල මන්ත්‍රී වරයා පෙන්වා දුන්නේය.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.