ඇමෙරිකානු ජනාධිපතිවරණය කරට කර

අවසාන යාවත්කාලීන කිරීම :  2012 සැප්තැම්බර් 6 බ්‍රහස්පතින්දා - 14:01 GMT
usa election

ඩිමොක්‍රටික් පක්ෂයේ මහා සම්මේලනය ඇමතු හිටපු ඇමෙරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් ,ඇමරිකානු ජනතාව විසින් ජනාධිපති බරක් ඔබාමා යලිත් වතාවක් ජනාධිපති ධුරයට පත් කළ යුතු යැයි කියා සිටියා.

ජනාධිපති ඔබාමා සිය පළමු ධුර කාලයේදී ඇමරිකානු ආර්ථිකය අවපාතයකට අද වැටීමෙන් වලක්වා ගත් බව පැවසූ ඔහු අනාගතයේදී රැකියා අවස්ථා දශ ලක්ෂ ගණනක් බිහි කිරීමට ජනාධිපති ඔබාමා පියවර ගනු ඇතැයි ද ප්‍රකාශ කළේය. ජනාධිපති ක්ලින්ටන් ගේ කතාව අවසානයේදී ජනාධිපති ඔබාමා වේදිකාවට ගොඩවූ අතර එම අවස්ථාවේදී පක්ෂයේ නියෝජිතයෝ අත් පොලොසන් දෙමින් ඔහුට සිය සහය පල කළේය.

ඇමෙරිකානු නාධිජඇමෙරිකානු ජනාධිපතිවරණයට පතිවරණයට තවත් සති නවයක් පමණ තිබියදී ජන මත විමසුම් වලින් පැවසෙන්නේ ජනාධිපති ඔබාමා සහ ඔහුගේ ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක මිට් රෝම්නෙය් අතර කරට කර තරඟයක් පවතින බවයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.