දකුණු අප්‍රිකාවේ තවත් රන් ආකාරයක වැඩ වර්ජනයක්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 සැප්තැම්බර් 10 සඳුදා - 13:50 GMT
Police firing on striking mine workers (file photo)

මරිකානා ප්ලැටිනම් ආකරයේ පසුගිය මාසයේ දියත් කෙරුන කම්කරු වැඩ වැඩවැරුමකදී පොලිස් වෙඩි තැබීමකින් හතළිහකට අධික ජීවිත විනාශයක් සිදු විය

දකුණු අප්‍රිකාවේ ආකර කම්කරු අවුළ තවත් දුෂ්කර අතට හැරෙත්ම තවත් රන් ආකරයක කම්කරුවන් වැඩ නතර කොට තිබේ.

ජොහැන්නස්බර්ග් නගරයේ බටහිර කළාපයේ රන් ආකරයක එක්දාස් පන්සීයක් පමණ වූ කම්කරුවන් වැඩ නතර කල බවයි, දකුණු අප්‍රිකාවෙන් ලැබෙන වාර්තාවල දැක්වෙන්නේ.

තම රන් ආකරයේ නිෂ්පාදන නතර වූ බව එය අයත් Gold Fields KDC West සමාගම නිවේදනය කළා.

එම සමාගමේ සතියක කාලයක් දිග්ගැසෙමින් පැවැති වැඩ වැරුමක් නිම වුනේ පසුගිය බදාදා.

බදාදා නිම වුන එම වැඩවැරුම අවසන් වූයේ කම්කරුවන් සහ වෘත්තීය සමිති නායකත්වය සමඟ ඇති වූ මත ගැටුමක් ද සමඟ.

දකුණු අප්‍රිකාවේ මරිකානා ප්ලැටිනම් ආකරයේ පසුගිය මාසයේ දියත් කෙරුන කම්කරු වැඩ වැඩවැරුමකදී පොලිස් වෙඩි තැබීමකින් හතළිහකට අධික ජීවිත විනාශයක් සිදු විය.

වැඩි තොරතුරු සඳහා

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.