ලිබියාවේ ඇමෙරිකානු තානාපති මරා දැමීම ඔබාමා හෙළා දකී

අවසාන යාවත්කාලීන කිරීම :  2012 සැප්තැම්බර් 12 බදාදා - 15:09 GMT
obama

ලිබියාවේ බෙන්ඝාෂි නගරයේ එක්සත් ජනපද කොන්සල් කාර්යාලයේ තානාපතිවරයා මරාදමනු ලැබීම ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමාගේ දැඩි හෙළාදැකීමට ලක් විය.

ජනාධිපති ඔබාමා සිය තානාපතිවරයා ඉලක්ක කර ගනිමින් එල්ල කෙරුන ප්‍රහාරය විග්‍රහ කළේ,නිර්දය ප්‍රහාරයක් ලෙසිනි.

බෙන්ඝාෂි නගරයේ සිය තානාපති ජෝන් ක්‍රිස්ටෝපර් ස්ටීවන්ස් මරා දමා ඇති බව පිළිගත් ජනාධිපතිවරයා එම ප්‍රහාරයේදී තවත් ඇමෙරිකානුවන් තුන්දෙනකු ද ජීවිතක්ෂයට පත් වූ බව තහවුරු කළේය.

මොහමඩ් නබිනායක තුමාට අවමන් කෙරෙන්නේ යයි පැවසෙන චිත්‍රපටයකට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් ගෙනයමින් සිටියදී රොකට් මගින් විදින බෝම්බ වලින් සන්නද්ධ තුවක්කුකරුවන් කණ්ඩායමක් ඇමෙරිකානු කොන්සල් කාර්යාලයට ගිනි තබා තිබුනි.

මේ අතර ලිබියානු ජාතික මන්ත්‍රණ සභාවේ සභාපති,මොහොමඩ් මෙගාරිෆ් ඉහත කී ඝාතන සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් සමාව අයැද සිටියේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.