පාකිස්තානයේ ගින්නකින් දෙසිය හතළිස් දෙනෙක් මරුට

අවසාන යාවත්කාලීන කිරීම :  2012 සැප්තැම්බර් 12 බදාදා - 14:52 GMT
fire in Pakistan

කරච්චි නගරයේ ඇඟලුම් කම්හලක පැතිර ගිය ගින්නකින් දෙසිය හතළිහකටකට අධික ජීවිත විනාශයක් වාර්තා වේ.

මෙය පාකිස්තානයේ කම්හල් ගින්නකින් වාර්තා කෙරුන දරුණුතම ඛේදවාචකයයි.

ගින්න හටගෙන තිබෙන්නේ ඊයේ රාත්‍රී කාලයේ.බේරා ගැනීමේ කණ්ඩායම් ඇඟලුම් කම්හලේ වහලින් සහ බිම්මහලින් එහි ඇතුළට පිවිසීමට උත්සාහ කරමින් සිටින බවත් වාර්තා විය.

තට්ටු කීපයකින් යුත් ඇඟලුම් කම්හලේ ඉහළ මහල්වල සිරවූවන් බුර බුරා දැල්වෙමින් තිබුන ගිනිදැල්වලින් බේරීමට ජනෙල්වල එල්ලී සිටිඅතර තවත් අය වහලින් බිමට පැන්න බවයි ,සිද්ධිය දුටුවන් පවසන්නේ.

ගිනිගත් කම්හලේ ජනේලවල යකඩ දැල් සවිකොට ඇති අතර ගින්නක් වැනි හදිසි උවදුරකදී පිටවීමේ විශේෂ දොරටු එහි නැති බවයි පාකිස්තාන් නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.