වියට්නාම රජය විවේචනය කළ වෙබ් අඩවි කතුවරුන්ට දඩුවම්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 සැප්තැම්බර් 13 බ්‍රහස්පතින්දා - 16:52 GMT
vietnam

රජය බලවත් විවේචනයට ලක් කළ අන්තර් ජාල වෙබ් අඩවි තුනක කතුවරුන්ට දැඩි දඩුවම් පැමිණවිය යුතු යැයි වියට්නාම අගමැති නුයෙන් තාන් දුන් ප්‍රකාශ කරයි.

අගමැතිවරයා නිකුත් කළ නිවේදනයකින් කියවී තිබුනේ එම වෙබ් අඩවි මගින් අසත්‍ය හා විකෘති තොරතුරු පළකෙරෙන බවයි.

අදාළ වෙබ් අඩවි කියවීමෙන් වලකින ලෙස අගමැතිවරයා සිවිල් නිලධාරීන්ට නියෝග කර ඇත.

දූෂණ සහ වංචනික ක්‍රියා

සත්‍ය අසත්‍යතාව පරීක්ෂා කිරීමෙන් තොරව රටේ බල අරගලය පිලිබඳ තොරතුරු නිර්ණාමිකව ප්‍රකාශයට පත් කෙරෙන එම වෙබ් අඩවි වල පළවන අතර ඉහළ මට්ටමෙන් සිදු කෙරෙන දූෂණ සහ වංචනික ක්‍රියා හෙළිදරව් කිරීම මෙම වෙබ් අඩවි මගින් සිදු කෙරෙන්නක්.

වියට්නාමයේ නිල මාධ්‍ය රජයේ දැඩි පාලනය යටතේයි පවතින්නේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.