ඇමෙරිකානු චිත්‍රපටයට එරෙහි විරෝධතා ව්‍යාපාර ඔස්ට්‍රේලියාවේත්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 සැප්තැම්බර් 15 සෙනසුරාදා - 17:24 GMT

ඉස්ලාම් විරෝධී ඇමෙරිකානු චිත්‍රපටයට එරෙහි විරෝධතා ව්‍යාපාර ඕස්ට්‍රේලියාවටත් පැතිර ගොස් තිබේ.

මුස්ලිමුන් සිය ගණනක් සහ ඕස්ට්‍රේලියානු පොලිසිය අතර සිඩ්නි නගරයේ ගැටුම් පැවතුන බවයි වාර්තාවන්නේ.

මුස්ලිම් උද්ඝෝෂකයන් ගල්මුල් සහ ලීපොලු ආදියෙන් පොලිසියට පහර දුන් අතර පොලිසිය විසින් ඔවුන් විසුරුවා හැරීමට මිරිස් සැර සහිත රසායනික ප්‍රහාරයක් එල්ල කෙරිණ.

ඒ අතරවාරයේ පොලිස් සුනඛයන් ද යොදාගත් බවයි සිඩ්නි නගරයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙන්නේ.

දෙපාර්ශවය අතර ගැටුම පැය කීපයක්ම සිදු වූ බවත් එම වාර්තාවන්හි දැක්වේ.

ඇමෙරිකා එක්සත් ජනපදයට සහ ඔවුන්ට හිතවත් රටවලට එරෙහි මුස්ලිම් විරෝධතා ව්‍යාපාර ඊජිප්තුව පුරාත් පැතිර ගොස් තිබේ.

කයිරෝ නගරයේ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය සහ තහ්රිර් චතුරශ්‍රය අවට රැස්ව සිටි උද්ඝෝෂකයන් එම ස්ථානවලින් ඉවත් කිරීමට ඊජිප්තු ආරක්ෂක අංශ විසින් පියවර ගන්නා ලදී.

ඉස්ලාම් විරෝධී චිත්‍රපටය නිපදවීමට හවුල් වී යයි පැවසෙන පුද්ගලයන්ගෙන් එක් තැනැත්තෙකුගෙන් ඇමෙරිකානු ෆෙඩරල් ආණ්ඩුවේ නිලධාරීන් ප්‍රශ්න කරමින් ඇතැයි මේ අතර එක්සත් ජනපදයෙන් වාර්තා වෙයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.