ඇමෙරිකානු ජාත්‍යන්තර සංවර්ධන ආයතනය රුසියාවෙන් ඉවතට

අවසාන යාවත්කාලීන කිරීම :  2012 සැප්තැම්බර් 19 බදාදා - 17:19 GMT
USAID

USAID ඇමෙරිකානු ජාත්‍යන්තර සංවර්ධන ආයතනය, මුදල් බෙදා හැරීම මගින් රුසියාවේ අභ්‍යන්තර දේශපාලනයට බලපෑම් කරන බවට චෝදනා කරන ක්‍රෙම්ලින් බලධාරීන්, රටින් පිට වෙන මෙන් එම සංවිධානයට දැනුම් දී ඇත.

රුසියාවේ විදේශ අමාත්‍යාංශය මගින් නිකුත් කරනු ලැබ ඇති නිවේදනයකින් කියැවෙන්නේ, ලබන ඔක්තෝම්බර් පළමු වෙනිදා පටන් USAID ඇමෙරිකානු ආයතනය රුසියානු භූමියේ ක්‍රියාත්මක වීම අවසන් විය යුතු බවයි.

මොස්කව් නගරයේ සිටින BBC වාර්තාකරු, රුසියාවේ ජනාධිපතිවරණයේදී සහ පාර්ලිමේන්තු මහමැතිවරණයේදී සිදු වූ ප්‍රෝඩා සම්බන්ධයෙන් සාක්ෂි සොයාගත්, GOLOS වැනි සංවිධානවලටත් ඉහත කී නියෝගය බලපෑමට ඉඩකඩ ඇති බව සඳහන් කළේය.

GOLOS සංවිධානයට අවශ්‍ය අරමුදල්වලින් කොටසක් ද සපයන ලද්දේ USAID ආයතනය විසිනුයි.

USAID ආයතනය සෝවියට් සංගමය කඩාවැටීමේ පටන් රුසියාවේ ක්‍රියාත්මක වෙමින් පැවැති සංවිධානයක්.

රුසියාවේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ පරිසර වැඩසටහන් සඳහා එම ආයතනය ඩොලර් කෝටි දෙසීයකට අධික මුදල් සම්භාරයක් වැය කොට ඇත.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.