ඉන්දීය අගමැති ආචාර්ය මන් මෝහන් සිංගේ දේශනයකට බාධා

අවසාන යාවත්කාලීන කිරීම :  2012 සැප්තැම්බර් 22 සෙනසුරාදා - 16:50 GMT

ඉන්දීය අගමැති ආචාර්ය මන් මෝහන් සිංගේ දේශනයකට බාධා කළ විරෝධතාවාදියෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණ.

දිල්ලි අගනුවර පැවැත්වුන අන්තර්ජාතික නීති සමුළුවක් අමතා අගමැතිවරයා කතා කරමින් සිටියදීයි එය සිදු වුනේ.

ඉන්දීය ශ්‍රේෂ්ටාධිකරණයේ නීතිවේදියකු වන විරෝධතාවාදියා තමඋඩුකමිසය ගලවා මේසයක් මතට නැගී ආණ්ඩුව විසින් පසුගියදා ප්‍රකාශයට පත් කරනු ලැබූ ආර්ථික ප්‍රතිපත්ති හෙළා දකිමින් ඒවා විවේචනයට ලක් කළේය.

එම විරෝධතාවාදියා සභාවෙන් ඉවත් කරනතෙක් නිහඬවූ අගමැති මන් මෝහන් සිං, අනතුරුව සිය ආණ්ඩුවේ ආර්ථික පිළිවෙත යුක්ති සහගත කරමින් කතා කළේය.

විදේශීය ආයෝජන නංවා ලීමට සහ ඉන්දීය ආර්ථිකය කෙරෙහි විශ්වාශය තහවුරු කිරීමෙහිලා ආර්ථික ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය වන බවයි අගමැතිවරයා කියා සිටියේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.