රාජ්‍ය වියදම් කප්පාදුවෙන් යුරෝපය ගිනියම්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 සැප්තැම්බර් 27 බ්‍රහස්පතින්දා - 16:07 GMT

වැඩ වර්ජනයේ යෙදී වීදියට බට ග්‍රීක විරෝධතා කරුවන්

ස්පාඤඤ අමාත්‍ය මණ්ඩලය, රටේ දැවැන්ත මුල්‍ය අර්බුදය පාලනය කරගැනීම සඳහා වන පොදු වියදම් කපා හැරීමේ නව සැලසුම් පැය ගණනක් මුළුල්ලේ සමාලෝචනය කරමින් සිටී.

ඉදිරිපත් කෙරෙන නව සැලැස්ම බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඩොලර් කෝටි පන්සියයක් ඉතිරි කර ගැනීම පිණිස රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත නව සැලසුම් හේතුවෙන්, දැනටමත් උද්ධමනයෙන් සහ බරපතළ රැකියා වියුක්තියකින් පීඩා විඳින ස්පාඤඤ වැසියන්ට සිදුවන්නේ තවත් බදු ගෙවීමටයි.

එසේම සුභ සාධන වියදම් ද කප්පාදුවට ලක්වෙයි.

ස්පාඤඤ අගමැති මරියානෝ රහොයි (Mariano Rajoy) පැවසුවේ රටේ සෑම තරාතිරමකම කොටස් කැප කිරීම් සිදු කළ යුතු බවයි.

ණය ලබා ගැනීම සඳහා

මේ අතර ග්‍රීසියේ දේශපාලන නායකයන් කියා සිටියේ තවදුරටත් පොදු වියදම් කපාහැරීම සම්බන්ධයෙන් තමන් සම්මුතියකට එළඹ සිටින බවයි.

ස්පාඤඤයේ දැවැන්ත පෙළපාලි

එරට මුල්‍ය අර්බුදයට පිළියමක් වශයෙන් ලබා දීමට නියමිත මීළඟ ජාත්‍යන්තර ණය ආධාර මුදල හිමි කර ගැනීමට ග්‍රීසිය විසින් පොදු වියදම් කපා හැරීමේ නව සැලසුම් ඉදිරිපත් කළ යුතුයි. ආර්ථික බංකොලොත් භාවයෙන් මිදීමට නම් ග්‍රීසියට ඩොලර් කෝටි හාරසියයක් වන ජාත්‍යන්තර ණය ආධාර මුදල ලබා ගැනීම අත්‍යවශ්‍යයි.

යුරෝ බිලියන එකොළහයි දශම පහේ සිට යුරෝ බිලියන පහළොව දක්වා ප්‍රමාණයක පොදු වියදම් කපා හැරීමේ මූලික ගිවිසුමකට එළඹුන බවයි ග්‍රීක මුදල් ඇමති යානිස් ස්ටුනරස් (Yannis Stournaras) පැවසුවේ.

ලබන සදුදා ජාත්‍යන්තර ණය දෙන ආයතනවල නායකයන් හමුවීමට පෙර තවත් විසඳා ගත යුතු කරුණු කිහිපයක් ඇති බවත් හෙතෙම කියා සිටියේය.

ග්‍රීසියේ නව යෝජනා වලට එරෙහිව ඊයේ වැඩ වර්ජනයක් පැවැති අතර පුළුල් බහුජන විරෝධතා ද හට ගති.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.