චීන කොමියුනිස්ට් පක්ෂය ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයෙක් නෙරපා හරී

අවසාන යාවත්කාලීන කිරීම :  2012 සැප්තැම්බර් 28 සිකුරාදා - 12:59 GMT
අවමානයට පත්ව සිටින දේශපාලන මණ්ඩල සභික බෝ ෂිලයි

අවමානයට පත්ව සිටින දේශපාලන මණ්ඩල සභික බෝ ෂිලයි, පාලක චීන කොමියුනිස්ට් පක්ෂයෙන් නෙරපා හරින ලද බව ෂින්හුවා රාජ්‍ය ප්‍රවෘත්ති ආයතනය වාර්තා කරයි.

ඔහුට එරෙහිව අපරාධ චෝදනා යටතේ නඩු පවරනු ඇතැයි ද එම පුවත් ආයතනය කියා සිටියි. බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයකු මරා දැමීමේ චෝදනා වලට වැරැද්ද පිළිගැනීමෙන් අනතුරුව, බෝ ෂිලයි ගේ බිරිඳ පසුගියදා සිරගත කෙරුණි.

එතෙක් කල් ඔහු සිටියේ චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය සඳහාද පත් වීමේ ඉඩ කඩ ඇති පුද්ගලයකුගේ තත්වයේයි.

පක්ෂ විනය උල්ලංඝනය කර ඇති බෝ ෂිලයි, බලය අයුතු ලෙස පාවිච්චි කිරීම, අල්ලස් ගැනීම සහ බොහෝ කාන්තාවන් සමඟ නොමනා සම්බන්ධතා පැවැත් වීම යන වැරදි සිදුකර ඇති බවයි ෂින්හුවා චීන රාජ්‍ය ප්‍රවෘත්ති ආයතනය වැඩි දුරටත් කියා සිටින්නේ.

චීන දේශපාලන නායකත්වයේ වෙනසක් සිදු කෙරෙන කොමියුනිස්ට් පක්ෂ සම්මේලනය ලබන නොවැම්බර් අටවෙනිදා ආරම්භ කිරීමට නියමිත බවද ෂින්හුවා වාර්තාවේ සඳහන්වේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.