නේපාලයේ තවත් ගුවන් අනතුරකින් දහ නවදෙනෙක් මරුට

අවසාන යාවත්කාලීන කිරීම :  2012 සැප්තැම්බර් 28 සිකුරාදා - 12:30 GMT
කඩා වැටුන ගුවන් යානය

නේපාලයේ කත්මන්ඩු අගනුවරින් ගුවන්ගත කෙරුණ යානයක් අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගනිමින් සිටි දහනව දෙනෙක් මරණයට පත් වූ බව වාර්තා වේ.

කඳු නගින්නන් කණ්ඩායමක් රැගත් යානය අනතුරට පත් වන විට එවරස්ට් කඳුකර කලාපයේ පිහිටි ලුක්ලා බලා පියාසර කැරෙමින් තිබුණි.

එහි ගමන් කළ මගීන්ගෙන් හත් දෙනෙක් බ්‍රිතාන්‍ය ජාතිකයෝ වන අතර පස් දෙනෙක් චීන ජාතිකයෝ වෙති.

කාර්ය මණ්ඩලයේ තිදෙනා ඇතුළු සෙසු මගීන් නේපාල ජාතිකයන් බවත් වාර්තා වේ.

අනතුරට පත් යානය ගුවන් තොටුපළ ආසන්නයේ පිහිටි ගංගාවකට කඩා වැටී ඇත.

තම යානයේ කුරුල්ලකු ගැටුන බව නියමුවා ප්‍රකාශ කළේ යයි කත්මන්ඩු ගුවන් තොටුපළ නිලධාරීහු ප්‍රකාශ කරති.

අවුරුදු දෙකකටත් වඩා අඩු කාල සීමාවක් ඇතුළත නේපාලයෙන් වාර්තා වුන හයවැනි මාරක ගුවන් අනතුර මෙයයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.