බංග්ලාදේශයේ බෞද්ධ විහාරස්ථාන කිහිපයකට ප්‍රහාර

අවසාන යාවත්කාලීන කිරීම :  2012 සැප්තැම්බර් 30 ඉරිදා - 16:59 GMT

බංග්ලාදේශයේ ඉස්ලාමීය උද්ඝෝෂකයන් සිය ගණනක් වීදි බැස එරට ගිනිකොණ දිග ප්‍රදේශයේ බෞද්ධ ගම්මාන කිහිපයකට පහරදී ඇතැයි එරට පොලිසිය නිවේදනය කරයි.

අඩු තරමින් බෞද්ධ විහාරස්ථාන හයකටවත් ගිනිතබා ඇති බවත් සිද්ධිය දුටුවෝ කියා සිටිති .

ගම්මාන වලට පහර දීම නිසා ප්‍රදේශවාසීන් තම නිවෙස් අතහැර පලා ගොස් ඇති බවත් වාර්තා වේ.

ප්‍රදේශවාසී බෞද්ධයෙකු තම ෆේස්බුක් පිටුවේ ඉස්ලාම් දහමට අපහාස වන අන්දමේ ඡායාරූපයක් පලකිරීමට එරෙහිවයි මෙම පහරදීම් සිදු කර ඇත්තේ.

නමුත් එම ඡායාරූපය තමාගේ දැනුවත් කමින් තොරව වෙනත් අයෙකු විසින් පලකර ඇති බවයි එම ෆේස් බුක් පිටුව හිමි පුද්ගලයා කියා සිටියේ.

ගැටුම් ඇති වූ ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය පනවා ඇත.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.