පාප්තුමා ගේ සේවකයා අධිකරණය ඉදිරියේ

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 3 බදාදා - 15:34 GMT
පාඔලෝ ගබ්රියලි

පාඔලෝ ගබ්රියලි

වතිකානයට අයත් රහස්‍ය ලියකියැවිලි පාප් තුමාගේ පෞද්ගලික කුටිවලින් සොරා ගත් බවට චෝදනා ලබා සිටින පාප් තුමාගේ ප්‍රධාන මෙහෙකරු ලෙස සේවය කල පාඔලෝ ගබ්රියලි පිළිබඳව පොලිස් නිලධාරීන් ලබා දුන් සාක්ෂි අද අධිකරණය ඉදිරියේදී විභාගයට ගැනින.

ශුද්ධ වූ පාප් වහන්සේ විසින් කාදිනල් වරුන් වෙත යවන ලද ලිපි,රන් කැටිති මෙන්ම පාප් තුමාගේ නමට බැර කරන ලද යුරෝ ලක්ෂයක චෙක් පතක් ඇතුළු සොරකම් කරන ලද භාණ්ඩ රැසක් මෙහෙකරුගේ නිවසේ තිබී හමුවූ බව පොලිස් නිලධාරීන් කියා සිටිහ.

සොරකම් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් තමන් නිවැරදි කරු බව පවසන ගබ්රියලි ප්‍රකාශ කරන්නේ, වතිකානයේ දුෂණ පිළිබඳව තොරතුරු හෙළිදරව් කැරෙන ලිපි කිහිපයක ඡායා පිටපත් ගැනීමේ වරද පිලි ගැනීමට තමන් එකඟ බවයි.

ඔහුට එරෙහි නඩු විභාගයේ තීන්දුව සෙනසුරාදා ප්‍රකාශයට පත් වීමට නියමිතය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.