ඉරාන මුදලේ අගය පහල වැටීම පිළිබඳව විරෝධතා

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 3 බදාදා - 15:00 GMT
Iran Protest

ඉරානයේ රියාල් මුදලේ අගය සීග්‍රයෙන් පහල වැටීම වලක්වා ගැනීමට රජය පියවර නොගැනීම පිළිබඳව උද්ඝෝෂණයක යෙදුනු විනිමය හුවමාරු කරුවන් සහ කැරලි මර්ධන පොලීසිය අතර ගැටුම් ඇතිවූ බව ටෙහෙරාන් නගරයෙන් වාර්තා වේ.

නිල වශයෙන් ක්‍රියාත්මක වන විනිමය ගනුදෙනුකරුවන් විශාල පිරිසක් ඉරාන මහා බැංකු ගොඩනැගිල්ල ඉදිරියට රැස්ව මහා බැංකු අධිපතිවරයා ඉල්ලා අස්විය යුතු ලෙස බල කරමින්,රජයට එරෙහි සටන්පාඨ කියමින් සිටියදී උද්ඝෝෂකයින් විසුරුවා හැරීම සඳහා පොලීසිය කැඳවා තිබු බවයි වාර්තා වල සඳහන් වන්නේ.

ටෙහෙරාන් අගනුවර තුල ප්‍රදේශ කිහිපයකදී නීති විරෝධී අන්දමින් විනිමය ජාවාරමේ යෙදී සිටින වෙළෙන්දන් ගණනාවක් පොලිස් අත් අඩංගුවට ගෙන ඇත.

පසුගිය දින කිහිපය තුල රියාල් මුදලේ අගය සීග්‍රයෙන් අඩුව ගිය අතර, ඩොලරයට සාපේක්ෂව රියාලයේ අගය අඩකින් පමණ පහල වැටී තිබේ.

ඉරානයට එරෙහිව බටහිර රටවලින් පනවා ඇති ආර්ථික සම්බාධක මෙම අර්බුදයට හේතුවී ඇති බව ජනාධිපති අහ්මදීනේජාඩ් කියා සිටියත්, ඇතැම් ඉරාන වැසියන් අකාර්යක්‍ෂම ආර්ථික පරිපාලනය මෙම අර්බුදයට මුල් වී ඇති බව කියා සිටිති.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.