සිරියාවේ බෝම්බ ප්‍රහාරයකින් තිස් තුන් දෙනෙක් මිය යති

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 3 බදාදා - 15:59 GMT
සිරියාවේ බෝම්බ ප්‍රහාරයකින් තිස් තුන් දෙනෙක් මිය යති

සිරියානු රජයේ හමුදා පාලනය යටතේ පවතින ඇලෙප්පෝ නගරයේ පුපුරා ගිය විශාල බෝම්බ ප්‍රහාර කිහිපයකින් අඩු ගණනේ තිස් තුන් දෙනෙක් මියගොස් ඇති අතර,තවත් විශාල පිරිසක් තුවාල ලැබූහ.

නගරයේ ස්ථාන කිහිපයකදී මෝටර් රථ හතරක අටවා තිබු බෝම්බ පුපුරවා හැරුණු බවයි සිද්ධිය සිදුවූ ස්ථානයේ සිටි ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් බී බී සි යට ප්‍රකාශ කළේ.

මෙයින් මුල් බෝම්බ ප්‍රහාර දෙක, පොලිස් නිලධාරීන්ට අයත් සමාජ ශාලාවක් සහ හෝටලයක් ඉදිරියේ,එහි දොරටුව විනාශයට පත් කරමින් පිපිරිණි.

තෙවැනි ප්‍රහාරය පැරණි නගර ද්වාරය අසල දී එල්ලවූ අතර,නගරාධිපති කාර්යාලය අසලදී සිව්වැන්න පුපුරා ගියේය.

ප්‍රහාරයනට ගොදුරුවූ අය අතරින් වැඩි පිරිසක් සාමාන්‍ය වැසියන් බව වාර්තාවේ.

පසුගිය සති කිහිපය තුල ඇලෙප්පෝ නගරය,රජයේ හමුදා සහ කැරැළි කරුවන් අතර ගැටුම් වල තීරණාත්මක පෙරමුණක් බවට පත්ව ඇති අතර,කැරැළි හමුදා පලවා හැරීමේ දැවැන්ත ප්‍රහාරයක් සඳහා රජයේ හමුදා මුළු ගැන්වෙමින් සිටින බව එහි සිටින බී බී සී වාර්තාකරු කියා සිටී.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.