ඉම්රාන් ඛාන් ඇෆ්ඝන් දේශ සීමාවේ ගෝත්‍රික ජනාවාශ බලා ගමන් අරඹයි.

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 6 සෙනසුරාදා - 12:58 GMT

පාකිස්තාන් දේශපාලනයේ නිරත වෙමින් සිටින හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන්, සිය අධාරකරුවන් සිය ගණනක් ද කැටුව ඇෆ්ඝන් දේශ සීමාවේ පිහිටි ගෝත්‍රික ජනාවාශ බලා ඉස්ලාමාබාද් අගනුවරින් ගමන් අරඹයි.

එම ගමනේ අරමුණ නියමුවන් රහිත යානා යොදා ගනිමින් ඇෆ්ඝන් දේශ සීමාව බද පාකිස්තාන් භූමියෙහි එල්ල කෙරෙන ඇමෙරිකානු ප්‍රහාරවලට එරෙහිව විරෝධය පළ කිරීමයි.

දකුණු වෂිරිස්තානය බලා යන එම ගමනට බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකානු සාම ක්‍රියාධරයෝ ගණනාවක් ද එක්ව සිටිති.

එහෙත් පාකිස්තාන් බලධාරීන් කියා සිටින්නේ ආරක්ෂක හේතූන් සැලකිල්ලට ගනිමින් ඉම්රාන් ඛාන්ට ගෝත්‍රික ජනාවාශ කළාපයට ඇතුල් වීමට අවසර නොදෙන බවයි.

ඉම්රාන් ඛාන් විසින් ගනු ලැබූ පියවර පාකිස්තාන් තාලිබාන් ව්‍යාපාරයේත් හෙළා දැකීමට ලක්ව තිබේ.

තාලිබාන්වරුන් කියා සිටින්නේ ඇමෙරිකානු ප්‍රහාරවලට එරෙහිව මෝදුවෙමින් ඇති මහජන කෝපය තම වාසියට හරවා ගැනීමේ ප්‍රයත්නයක ඉම්රාන් ඛාන් නිරතවන බවයි.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.