ටිබෙට් ලේඛක ගුද්‍රබ් (Gudrub) ගිනි තබාගෙන සිය දිවි හාණි කර ගනියි.

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 6 සෙනසුරාදා - 14:34 GMT

ටිබට් ලේඛක ගුද්‍රබ් (Gudrub) තම භූමියේ චීන ආධිපත්‍යයට විරෝධය පළ කිරීම සඳහා සිරුරට ගිනිතබා ගනිමින් සිය දිවි හාණි කර ගනියි.

ගින්නෙන් දැවෙද්දී ප්‍රකාශයක් කළ ලේඛකයා තම භූමියට ආගමික නිදහස සහ තම නායක දලයි ලාමාට ආපසු සිය දේශයට පැමිණීමට ඉඩ හරින මෙන් ඉල්ලා සිටි බවයි, ලන්ඩන් නගරයේ ක්‍රියාත්මකවෙන ටිබට් ජාත්‍යන්තර ව්‍යාපාරය ප්‍රකාශ කළේ.

2009 වසරේ පටන් මේ වන විට ගිනිතබා ගනිමින් සියදිවි හාණි කර ගත් ටිබට් ජාතිකයන්ගේ සංඛ්‍යාව පණහක් පමණ වන බවයි ටිබට් සංවිධාන පවසන්නේ.

එවැනි මරණ වැඩි හරියක් වාර්තා වුනේ පසුගිය වසරේ මාර්තු මාසයේදී යි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.