ටොයෝටා වාහන යළි ගෙන්වා ගනී

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 10 බදාදා - 16:55 GMT
Toyota

ජපානයේ ටොයෝටා මෝටර් රථ සමාගම වෙළෙඳපොළට දැමූ හැත්තෑ ලක්‍ෂයකට අධික වාහන යළි ගෙන්වා ගැනීමට පියවර ගෙන ඇත.

මෝටර් රථ නිෂ්පාදනය අතින් ජපානයේ මුල් තැන හිමිකර ගන්නේ ටොයෝටා ව්‍යාපාරයයි .

ඇමෙරිකා එක්සත් ජනපදයේ යුරෝපයේ සහ ආසියාවේ වෙළෙඳපොළට දැමූ තම වාහන විශාල සංඛ්‍යාවක විද්‍යුත් කවුළු පාලන අංශයෙහි අඩුපාඩුවක් හඳුනා ගත් බවයි , ඒවා ආපසු ගෙන්වා ගැනීමට තීන්දු කරමින් ටොයෝටා සමාගම ප්‍රකාශ කළේ.

අඩුපාඩු සහිත ඉහත කී වාහනවල ස්වයංක්‍රීය කවුළු පාලක පද්ධතියේ ස්වීච් උපකරණ ඇතැම් අවස්ථාවන්හි අධික රත් වීමට සහ දියවීමට ලක්ව ඇතැයි පවසන ටොයෝටා සමාගම, එහෙත් එම හේතුව නිසා සිදු වූ අනතුරු හෝ තුවාළවීම් ගැන වාර්තා වී නැතැයි ද කියා සිටී.

රථ වාහනවල අඩුපාඩු නිසා තම මෝටර් රථ දශ ලක්ෂ ගණනක් යළි කැඳවා ගැනීමට ටොයෝටා මෝටර් රථ සමාගමට පසුගිය අවුරුදුවල කීප වතාවක්ම සිදු වූ අතර,එම තත්වය ඔවුන්ගේ කීර්තිනාමයට ඉතා අහිතකර බලපෑමක් ඇති කළේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.