වෙඩි කෑ පාකිස්තාන් දැරියට සෙත් පතා රට පුරා යාඥා

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 12 සිකුරාදා - 13:58 GMT
Prayesr for Malala

දැරියට වෙඩිතැබීම සමස්ත පාකිස්තාන් සමාජය තුළම බලවත් කම්පනයක් ඇති කිරීමට හේතු වී තිබේ

කාන්තා අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටීමේ වරදට තාලිබාන් ව්‍යාපාරයේ වෙඩි ප්‍රහාරයකට ලක්ව සිටින, දාහතර හැවිරිදි මලාලා යුසෆ්ශායි (Malala Yousafzai ) පාකිස්තාන් දැරියට සෙත් පතා රට පුරා පල්ලි, පාසල්, කාර්යාල වැනි සෑම ස්ථානයකම ආගමික යාඥා කිරීම් පැවැත්වින.

තාලිබාන් ව්‍යාපාරය පාසල් සිසුවියට වෙඩි තැබුවේ පසුගිය අඟහරුවාදා.

තුවාළ ලද දැරිය පෙෂවෝර් නගරයේ රෝහලක ලද ප්‍රතිකාරවලින් පසුව මේ වනවිට රාවල්පින්ඩි නගරයේ යුද හමුදා රෝහලකට යොමු කරනු ලැබයි සිටින්නේ.

වෙඩිපහර නිසා දැරිය ලද තුවාළවල තත්වය සම්බන්ධයෙන් තවම යමක් කිව නොහැකි බව පවසන වෛද්‍යවරු, ඉදිරි දින කීපය තීරණාත්මක විය හැකි බව පවසති.

මෙම වෙඩිතැබීම සමස්ත පාකිස්තාන් සමාජය තුළම බලවත් කම්පනයක් ඇති කිරීමට හේතු වී තිබේ.

අවුරුදු තුනක පමණ කාලයක් කාන්තා අධ්‍යාපනය සම්බන්ධයෙන් උද්ඝෝෂණය කරමින් සිටි මලාලා යුසෆ්ශායි දැරිය තාලිබාන් පාලනය යටතේ ස්වොට් ප්‍රාන්තයේ තත්ත්වය ඇතුළත් කරමින් දිනපොතක් ලිවීමෙහි ද නිරතවයි සිටියේ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.